අපස්මාරය

අපස්මාරය විවිධ ආකාරයෙන් පුද්ගලයන්ට බලපෑම් එල්ල කළ හැකි බැවින්** එය ඇති පුද්ගලයන්ට ඇතිවන අත්දැකීම් විවිධාකාර වෙයි **නමුත් උදව් කළ හැකි සමහර අවස්ථා පවතී

ඔබගේ වලිප්පු තත්ත්ව පාලනය කිරීම

වලිප්පු තත්ත්ව ඇතිවීම භයානක බැවින්, ඒවා හැකි පමණින් හොඳ පාලනයකින් යුතුව පවත්වා ගැනීම වැදගත් වේ. ඔබට එයට උපකාරී වීම සඳහා කළ හැකි විවිධ දෑ තිබේ. ඔබගේ ඖෂධ ලබාගැනීම ප්‍රති-අපස්මාර ඖෂධ (AEDs) වලිප්පු තත්ත්ව නැති කිරීමට සහ ඇති වීමේ අවස්ථා අවම කිරීමට වඩාත් ඵලදායි වේ. ඔබට එම ඖෂධ (AED) නියම කර ඇත්නම් වෛද්‍යවරයා උපදෙස් දුන් පරිදි එය දිනපතා අනිවාර්යෙන් භාවිතා කරන්න. එම ඖෂධ මගින් අප්‍රසන්න අතුරු ඵල ඇති කරන්නේ නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න. මාත්‍රාවන් මග හැරීම හෝ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතා කිරීම නොකළ යුත්තේ එමගින් වලිප්පු තත්ත්වයක් ඇති විය හැකි බැවිනි. ඔබට එම ඖෂධ(AED) වර්ග කිහිපයක් භාවිතා කර ඔබට ක්‍රියාත්මක වන වර්ගය හා අතුරු අබාධ ඇති නොකරන වර්ගය තෝරා ගත යුතුය. ඔබගේ වලිප්පු තත්ත්වය යම් කාලයකට පාලනයට පත්වූ විට ඔබට ඖෂධ අවසානයේ දී නැවැත්විය හැකි අතර එය සිදු කළ යුත්තේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ ක්‍රමක් ක්‍රමයෙනි. වලිප්පුව ඇති කරන සාධක හඳුනා ගැනීම සහ ඒවා වලක්වා ගැනීම අපස්මාරය සහිත සෑම පුද්ගලයකුගේම සිදුනොවූවද සමහරුන්ගේ යම්කිසි සාධකයක් මගින් අපස්මාරය ප්‍රේරණය කළ හැක. පොදු වලිප්පු තත්ත්ව ප්‍රේරකයන් වන්නේ, මානසික ආතතිය, නින්ද නොමැතිකම හා මත්පැන් භාවිතයයි. වලිප්පු තත්ත්ව පිළිබඳ දින පොතක් තබා ගැනීම-එය ඇති වූයේ කවදාද, ඇතිවන විට කරමින් සිටියේ මොනවාද යන විස්තර සටහන් කිරීම-ඔබට ප්‍රේරක ඇත්නම් මෙම විස්තර උපකාරී වේ. ඔබ යම්කිසි ප්‍රේරකයක් හදුනා ගතහොත්, එය වළක්වා ගැනීමට ඔබට සිදු කළ හැකි දෑ කිරිම මගින් ඔබට වලිප්පු තත්ත්ව ඇතිවන අවස්ථා අවම කරගත හැකිය. උදාහරණයක් ලෙස, ඒවා මගින් උපකාරී වන්නේ:

විධිමත් විචාර ඔබගේ අපස්මාර තත්ත්වය හා ප්‍රතිකාර පිළිබඳව විධිමත් විචාර ලබා ගන්න. ඒවා සාමාන්‍යයෙන් ඔබගේ වෛද්‍යවරයා විසින් දෙන නමුත් සමහර අවස්ථාවලදී ඔබගේ අපස්මාර විශේෂඥ වරයා විසින් හෝ ඔහුගේ කණ්ඩායම මගින් ලබා දේ. ඔබගේ අපස්මාර තත්ත්වය හොඳින් පාලනය නොවූ විට ඔබට විචාර බොහෝ විට අවශ්‍ය වුවද, අවම වශයෙන් වසරකට වරක්වත් ඒවා ලබා ගත යුතුය. මෙම වෛද්‍ය හමුවීම් ඉතා හොඳ අවස්ථාවක් වන්නේ ඔබට ප්‍රතිකාර පිළිබඳ දැනෙන ආකාරය හා එහිදී මුහුණ පෑමට සිදුවූ ගැටලු, එනම් ඖෂධ භාවිතා කිරීමේදී ඇති වූ අතුරු ආබාධ වැනි දෑ පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකිවීමයි.

ආරක්ෂිතව සිටිම

වලිප්පුව තත්ත්ව මගින් සමහර අවස්ථා වලදී ඔබව හා අන් අයව අනතුරේ දැමිය හැක -උදාහරණ ලෙස, ඔබ උයමින්, රිය පදවමින් හෝ පිහිනම්න් සිටියදී ඒවා ඇති වීම. ඔබගේ වලිප්පු තත්ත්වය නිසි පරිදි පාලනය නොවුණහොත්, අවදානම අඩු කිරීම සඳහා ඔබට කළ හැකි දෑ පවතී. නිවසේ දී ඔබට නිවසේදී ආරක්ෂා වීමට උපකාරී විය හැකි ඉගි වන්නේ:

  • ඔබට වලිප්පු තත්ත්වයක් ඇති වූ විට ඔබගේ අවධානය නොමැතිවීම හා මතක නොමැති වීම නිසා නිවසේ ගින්නක් ඇති වුව හොත් එය හඳුනා ගැනීමට දුම් අනාවරක ස්ථාපනය කිරීම
  • තියුණු හෝ එළියට නෙරා ඇති ගෘහ භාණ්ඩවල කොන් හෝ දාර ආවරණය කිරීම
  • ස්නානයට නාන බේසම වෙනුවට වතුර මල් භාවිතා කිරීම
  • නාන කාමරේ දොර අගුළු නොදැමීම
  • උයන බදුන් උඳුනේ පිටුපස දාහක මත හැඩලය කොන දෙසට නොව අනෙක් පසට හරවා තැබීම

ක්‍රීඩා සහ විවේකය අපස්මාරය සහිත බොහෝ පුද්ගලයන්ට ක්‍රීඩා වල හා විවේක කාලයේ දී විවිධ ක්‍රියාවල නිරත විය හැකි අතර එහිදී වලිප්පු තත්ත්ව නිසි ආකාරයට පාලනය නොවේ නම්, එහි දී ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පවතී. උදාහරණයක් ලෙස, ඔබ සිදු කළ යුත්තේ:

  • තනිව පිහිනීම හෝ හෝ ජල ක්‍රීඩා නොකිරීම
  • බයිසිකල් පැදීමේදී හෝ අසු පැදවීමේදී හිස් වැස්මක් භාවිතා කිරීම
  • ක්‍රීඩාගාරයේ දී ඇතැම් උපකරණ භාවිතා කිරීම -එහිදී කාර්යමණ්ඩලයේ උපදෙස් ලබාගැනීම

ගර්භනීභාවය සහ උපත් පාලන ක්‍රම භාවිතය

ගැබ් ගැනීම අපස්මාරය මගින් ඔබගේ ගැබ් ගැනීමේ හැකියාවට කිසිදු බලපෑමක් ඇති නොකරන අතර ඔබට සෞඛ්‍යමත් දරුගැබක් ලබා ගැනීමට කිසිදු ගැටලූවක් පැන නොනැගේ. නමුත් ඔබ දරුවෙක් අපේක්ෂා කරන්නේ නම්, එය පිලිබඳ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය. එයට හේතුව වන්නේ සමහර ඖෂධ (AED) මගින්-sodium valproate- නූපන් දරුවාට හානි කළ හැකි බැවිනි. එයට හේතුව වන්නේ සමහර ඖෂධ(AED) මගින්-සෝඩියම් වැල්ප්‍රොඒට් (sodium valproate)- නූපන් දරුවාට හානි කළ හැකි බැවිනි. ඔබ ගැබිනියක් බව හදිසියේ දැනගත හොත්, හැකි ඉක්මනින් වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න. වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ප්‍රථම ඖෂධ නැවැත්වීමෙන් වලකින්න.

උපත් පාලන ක්‍රම භාවිතය ඔබ ගර්භණී භාවයට පත් වීමට අපේක්ෂා නොකරන්නේ නම් නිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. වඩාත් ගැලපෙන උපත් පාලන ක්‍රමය පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසන්න, ඒ සමහර ඖෂධ මගින් උපත් පාලන ක්‍රම වල ක්‍රියාවලියට බලපෑම් ඇති කරන බැවිනි. ඒවාට සංයුක්ත උපත් පාලන පෙති ද ඇතුළත්ය. මෙම ඖෂධ (AED) මගින් හෝ බලපෑම් ඇති නොකරන උපත් පාලන ක්‍රම වන්නේ:

කොන්ඩම් භාවිතා කිරීම ද හොඳ අදහසකි. ඔබට හදිසි උපත් පාලන ක්‍රම අවශ්‍ය වන්නේ නම්, ඔබගේ වෛද්‍යවරයාට, ඖෂධවේදියාට හෝ පවුල් සැලසුම් මධ්‍යස්ථානය ට කතා කරන්න. ඔබට IUD සම්බන්ධ කිරීමට අවශ්‍ය විය හැක.

පාසල සහ අධ්‍යාපනය

අපස්මාරය සහිත දරුවන්ට ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් ව පූර්ණ වශයෙන් පාසල් ක්‍රියාකාරකම් වල නිරත විය හැක. ඔබගේ දරුවාගේ පාසලේ ගුරුවරුන් ඔහුගේ තත්ත්වය පිලිබඳ දැනුවත් බවට වග බලා ගන්න. එනම්:

  • ඔබගේ දරුවා ලබා ගන්නා ඖෂධ මොනවාද
  • වලිප්පු තත්ත්වයක් හඳුනා ගන්නේ හා එවිට ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න
  • අපස්මාරය තත්ත්වය ඔවුන්ගේ පාසල් පැමිණීම හා ක්‍රියාකාරකම් වලට එල්ල කළ හැකි බලපෑම -උදාහරණයක් ලෙස, සමහර අවස්ථාවලදී එමගින් හැසිරීමට සහ මානසික ඒකාග්‍රතාවය ට බලපෑම් ඇති කරයි

අපස්මාරය සහිත සමහර දරුවන්ට පාසල් වේලාවේදී අමතර සහයක් අවශ්‍ය වේ. ඔබගේ දරුවාට විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති විට එම අවශ්‍යතා හා පාසලෙන් ලබාදිය හැකි පහසුකම් පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කළ හැක.

අපස්මාරයේදී ඇතිවන අනපේක්ෂිත හදිසි මරණ (SUDEP)

සමහර අවස්ථා වලදී කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව වලිප්පුව අතරතුරදී හෝ එයින් පසු එම පුද්ගලයා මිය යා හැක. මෙය අපස්මාරයේදී ඇතිවන අනපේක්ෂිත හදිසි මරණ (SUDEP) ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය දුර්ලභ වුවද, අනතුර පිළිබඳ අවධානයෙන් සිටිය යුත්තේ ඒවා සමහර අවස්ථා වලදී වළක්වා ගත හැකි බැවිනි. ඔබට අවදානම අඩුකර ගැනීමට ප්‍රධාන වශයෙන් සිදුකළ හැක්කේ ඔබට නියම කර ඇති ඖෂධ භාවිතා කිරීමෙන් අපස්මාරය නිසි පරිදි පාලනය කර ගැනීමට වගබලා ගැනීම බලා එයට හේතු වන සාධක හැකි පමණින් මඟ හරවා ගැනීමයි. ඔබේ අපස්මාරය නිසි පරිදි පාලනය නොවීම පිළිබඳව ඔබ කරදර වෙනවා නම් ඔබගේ අපස්මාර විශේෂඥයා හමු වන්න. එහිදී ඔබව විශේෂඥ අපස්මාර මධ්‍යස්ථානයක් වෙත වැඩිදියුණු ප්‍රතිකාර සඳහා යොමු කළ හැකිය.